Subscribe:

රූමස්සල පරිසරයේ වටිනාකම මතුපරපුරට - වාර්තාංග චිත්‍රපටිය


ගාල්ල නගරයේ සිට මාතර ප්‍රධාන මාර්ගයේ මාතර පැත්තට කිලෝමීටර තුනක් පමණ එන විට මේ පරිසර පද්ධතිය හමුවේ. අපේ රටේ වෙරළ ආසන්නයේ තියෙන වටිනාම අභයභූමියක් ලෙස මෙය සැලකේ. තෙත් කලාපයේ වැවෙන ගස්වැල් බොහොමයක් මෙහිදී දැකගන්නට ලැබේ. ඊට අමතරව වටිනා ඖෂධ පැළැටි වලට මේ රූමස්සල බොහොම ප්‍රසිද්ධයි. මෙයට අමතරව නොයෙක් වර්ගයේ සතා සිව්පාවෝ මෙහි ජීවත් වෙති. පාරිසරික, සංස්කෘතික, ආගමික හා පුරා විද්‍යාත්මක වටිනාකම් වලින් පිරුණු මේ පරිසරයේ වර්තමාන තත්ත්වය ඉතා කනගාටුදායකය.

 රූමස්සල පරිසරයේ වටිනාකම රැකගැනීම වත්මන් පරපුරේ යුතුකමක් හා වගකීමකි. එය සන්නිවේදනය කිරීම සඳහා 2014 වර්ෂයේ සඳෙස මාධ්‍ය අධ්‍යාපන ආයතනය නිර්මාණය කළ වර්තාංග චිත්‍රපටියේ ප්‍රතිනිර්මාණයක් ලෙසමෙය දැක්විය හැකිය. සමස්ත වර්තාංග චිත්‍රපටිය පහත දැක්වෙන කොටස් නැරඹීමෙන් මෙහි සැබෑ වටිනාකම් තේරුම්ගත හැකිවේ යැයි සඳෙස අපි විශ්වාස කරන්නෙමු.